ඔබ යන්න ගියත්
යළි එන්න ඇවිත් යන්න
මා ඔබට තරම්
ආදරේ නැහැ මටවත්
සිත පෙල් කළ ලතැවුල් දරා
හරි ආදරෙන් අපි එක්වෙලා
රන් හුයක බැඳී දෑඟිලි හැරදා
ඔබ යන්න ගියේ කෙළෙසේ
ඔබ මා නිසා කඳුළැල් හලා
අපමණ කලක් සිටියා
අඟහිඟ හන්දා විරසක වූදා
ඔබ යන්න ගිහින් හැරදා
Monday, July 13, 2009
Tuesday, December 23, 2008
පුරාවත
මා බිසව්
රූ සදිසි මසැති ලන්දු
ඈ රජ කිරුළ පැළැන්දු
දෙතිසක් කුමරු නසාලූ
පිය බඳ කොමල කැටිතියේ
තේජස් කුළුණු බැඳි ලියේ
ළැම දා නොයෙ ද මා කෙරේ
අනුලා බිසව් නුඹ මගේ
සඳ මුව රාගි නෙතු විලේ
මධු සැප යහන යදිනියේ
දිවි දන් නොදෙ ද මා වෙතේ
අනුලා බිසව් නුඹ මගේ
ප්‍රේමයේ සිහිනය
ප්‍රේමයේ මෘදු තෙපුල් විදිනා
සිහිනයක සැතැපී
සිතැඟි ලස්‌සන සිතක සැතපී
සිතුමිණක සිළු සේ
ඇසින් ඇස ගැවසෙන විරාමය
කල්පයක් නම් කොතෙක් මිහිරිද
පුරා සඳ මත දැනෙන සිසිලස
දැනේ සියොලඟ ඔබට නොම දැන
ඇගේ සියුමැළි සිනිදු සියොලඟ
ජීවිතය නම් කොතෙක් සොදුරුද
හමා එන මද සුළං රළ වුව
පහස දේමැයි නිබඳ දිවි මඟ
Sunday, December 7, 2008
පසුතැවුම
සමාවන්න මට මගේ දරුවනේ
ආයෙත් නම් මේ වරද නොවේ
ජීවිතයේ මතු කවදාවත්
දෙපා රිදෙන තුරු
මහ වන මැද්දෙන්
පාසැල් යයි නුඹලා
ගිණි මද්දහනේ
වියැලුණු දෙතොලින්
පසුපස එයි නුඹලගෙ අම්මා
සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....
උන්හිටි තැන් නැති
අහරක් කුස නැති
දොඩමළු වෙති නුඹලා
ඉරුණු ඇඳුම් පොඩි
පොට්ටනි අත ගෙන
මහමඟ වෙති කියලා
සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....
ආයෙත් නම් මේ වරද නොවේ
ජීවිතයේ මතු කවදාවත්
දෙපා රිදෙන තුරු
මහ වන මැද්දෙන්
පාසැල් යයි නුඹලා
ගිණි මද්දහනේ
වියැලුණු දෙතොලින්
පසුපස එයි නුඹලගෙ අම්මා
සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....
උන්හිටි තැන් නැති
අහරක් කුස නැති
දොඩමළු වෙති නුඹලා
ඉරුණු ඇඳුම් පොඩි
පොට්ටනි අත ගෙන
මහමඟ වෙති කියලා
සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....
Saturday, December 6, 2008
පළමු පෙම
ඔබ නොදැක ඉන්නනම්
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්
සියපත් පියුම් නොපිපුනත්
ගඟ දිය නගන රැලි හැඩයි
නුඹ ළඟ ඉන්න බැරි වුනත්
කුළුදුල් සිත නුඹේ ළඟයි
නොඉදුල් ඉදුණු ඵල නැතත්
තුරු වැල් සුවඳ මල් දරයි
මා හැර යන්න නුඹ ගියත්
ඔබ හැර යන්න සිත නොදෙයි
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්
සියපත් පියුම් නොපිපුනත්
ගඟ දිය නගන රැලි හැඩයි
නුඹ ළඟ ඉන්න බැරි වුනත්
කුළුදුල් සිත නුඹේ ළඟයි
නොඉදුල් ඉදුණු ඵල නැතත්
තුරු වැල් සුවඳ මල් දරයි
මා හැර යන්න නුඹ ගියත්
ඔබ හැර යන්න සිත නොදෙයි
අහිමි සම්පත
නීල ඉදුවර නුවන් නිදි දෙව්ලී
ඉදුනු තොල්පෙති උවන රස මවනී
වැතිර සියොලඟ සිඹිමි මන කමනී
හීන නොයදිද දූ කුමරියක කුමරී
රාත්‍රිය නම් නිහඩමැ'යි සැමකල්
තාරකා ඇස් සදට වැඩි මනරම්
ගෙවා ගවු දුර පැමිණි මඟ සටහන්
සසැලි සයුරේ වෙරළෙ ඇඳි සිතුවම්
ආදරේ නම් මධුරමැ'යි මනකල්
ඇවිද යමු මල් කිණිති පොඩි සිඹිමින්
වඩා දෝතට ළැමට ගෙන රහසින්
එමල් සතපමු හඩන මදනල මෙන්
ඉදුනු තොල්පෙති උවන රස මවනී
වැතිර සියොලඟ සිඹිමි මන කමනී
හීන නොයදිද දූ කුමරියක කුමරී
රාත්‍රිය නම් නිහඩමැ'යි සැමකල්
තාරකා ඇස් සදට වැඩි මනරම්
ගෙවා ගවු දුර පැමිණි මඟ සටහන්
සසැලි සයුරේ වෙරළෙ ඇඳි සිතුවම්
ආදරේ නම් මධුරමැ'යි මනකල්
ඇවිද යමු මල් කිණිති පොඩි සිඹිමින්
වඩා දෝතට ළැමට ගෙන රහසින්
එමල් සතපමු හඩන මදනල මෙන්
දුක සිතෙන කවියක්‌ය
ජීවිතය කවියක්‌ය
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට
විල පිපුණු පියුමක්‌ය - සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව
විදිනු මිස සියොලඟම - සුළඟ රුදුනේ කොතැන
අහස හිස් වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්‌ය සැපද දුක ලුහුබදින
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට
විල පිපුණු පියුමක්‌ය - සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව
විදිනු මිස සියොලඟම - සුළඟ රුදුනේ කොතැන
අහස හිස් වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්‌ය සැපද දුක ලුහුබදින
Subscribe to:
Posts (Atom)