Tuesday, December 23, 2008

පුරාවත


මා බිසව්
රූ සදිසි මසැති ලන්දු
ඈ රජ කිරුළ පැළැන්දු
දෙතිසක්‌ කුමරු නසාලූ

පිය බඳ කොමල කැටිතියේ
තේජස්‌ කුළුණු බැඳි ලියේ
ළැම දා නොයෙ ද මා කෙරේ
අනුලා බිසව් නුඹ මගේ

සඳ මුව රාගි නෙතු විලේ
මධු සැප යහන යදිනියේ
දිවි දන් නොදෙ ද මා වෙතේ
අනුලා බිසව් නුඹ මගේ

No comments: