Tuesday, December 23, 2008

ප්‍රේමයේ සිහිනය


ප්‍රේමයේ මෘදු තෙපුල් විදිනා
සිහිනයක සැතැපී
සිතැඟි ලස්‌සන සිතක සැතපී
සිතුමිණක සිළු සේ

ඇසින් ඇස ගැවසෙන විරාමය
කල්පයක්‌ නම් කොතෙක්‌ මිහිරිද
පුරා සඳ මත දැනෙන සිසිලස
දැනේ සියොලඟ ඔබට නොම දැන

ඇගේ සියුමැළි සිනිදු සියොලඟ
ජීවිතය නම් කොතෙක්‌ සොදුරුද
හමා එන මද සුළං රළ වුව
පහස දේමැයි නිබඳ දිවි මඟ

No comments: