Saturday, December 6, 2008

පළමු පෙම

ඔබ නොදැක ඉන්නනම්
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්

සියපත් පියුම් නොපිපුනත්
ගඟ දිය නගන රැලි හැඩයි
නුඹ ළඟ ඉන්න බැරි වුනත්
කුළුදුල් සිත නුඹේ ළඟයි

නොඉදුල් ඉදුණු ඵල නැතත්
තුරු වැල් සුවඳ මල් දරයි
මා හැර යන්න නුඹ ගියත්
ඔබ හැර යන්න සිත නොදෙයි

2 comments:

සයිබර් සරදියල් said...

හරිම ලස්සනයි

දිල් said...

හැගීම්බරයි.ලස්සනයි.