tag:blogger.com,1999:blog-74090432308021031392024-03-12T17:53:06.562-07:00කවි සිතුවිලිUnknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-7409043230802103139.post-88852817985630381822009-07-30T05:32:00.000-07:002009-07-30T05:36:59.940-07:00අතීතයලාහිරු පින්නේ නිල්ල නෙලා
සීතල සුළඟ ඇවිත්
තරුමල් යායට සඳ දිය වැහලා
හැඩවූ වසන්තයත්
කෙතරම් මිහිරිද සොඳුරුද සොඳුරියෙ
පෙර අප දුටුව හැටිත්

සියොළඟ දරනා සෙනෙහස උතුරා
කුළුඳුල් සිත සියවර හැඬුවා
පෙම්බර ඔබ ගැන සිත්හි තබාගෙන
ඔබම පතා පියවර තැබුවා

තුන්සිත් පිවිතුරු විසිතුරු සිහිනෙකි
විෂකුරු මිනිසුන් නොම දුටුවා
ලස්සන ඒ ලොව සමුගෙන ඇති බව
අසරණ ඔබ මා සිත නැතුවාUnknownnoreply@blogger.com3tag:blogger.com,1999:blog-7409043230802103139.post-10309494731023081012009-07-13T01:46:00.000-07:002009-07-13T01:55:23.110-07:00ඔබ යන්න ගියත්ඔබ යන්න ගියත්
යළි එන්න ඇවිත් යන්න
මා ඔබට තරම්
ආදරේ නැහැ මටවත්

සිත පෙල් කළ ලතැවුල් දරා
හරි ආදරෙන් අපි එක්වෙලා
රන් හුයක බැඳී දෑඟිලි හැරදා
ඔබ යන්න ගියේ කෙළෙසේ

ඔබ මා නිසා කඳුළැල් හලා
අපමණ කලක් සිටියා
අඟහිඟ හන්දා විරසක වූදා
ඔබ යන්න ගිහින් හැරදාUnknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-7409043230802103139.post-48026009815921008702008-12-23T01:24:00.000-08:002008-12-23T01:26:32.706-08:00පුරාවත
මා බිසව්
රූ සදිසි මසැති ලන්දු
ඈ රජ කිරුළ පැළැන්දු
දෙතිසක් කුමරු නසාලූ

පිය බඳ කොමල කැටිතියේ
තේජස් කුළුණු බැඳි ලියේ
ළැම දා නොයෙ ද මා කෙරේ
අනුලා බිසව් නුඹ මගේ

සඳ මුව රාගි නෙතු විලේ
මධු සැප යහන යදිනියේ
දිවි දන් නොදෙ ද මා වෙතේ
අනුලා බිසව් නුඹ මගේUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-18200097090807047272008-12-23T01:15:00.000-08:002008-12-23T01:17:57.869-08:00ප්‍රේමයේ සිහිනය
ප්‍රේමයේ මෘදු තෙපුල් විදිනා
සිහිනයක සැතැපී
සිතැඟි ලස්සන සිතක සැතපී
සිතුමිණක සිළු සේ

ඇසින් ඇස ගැවසෙන විරාමය
කල්පයක් නම් කොතෙක් මිහිරිද
පුරා සඳ මත දැනෙන සිසිලස
දැනේ සියොලඟ ඔබට නොම දැන

ඇගේ සියුමැළි සිනිදු සියොලඟ
ජීවිතය නම් කොතෙක් සොදුරුද
හමා එන මද සුළං රළ වුව
පහස දේමැයි නිබඳ දිවි මඟ Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-70088962551356226412008-12-07T19:53:00.000-08:002008-12-08T05:55:12.907-08:00පසුතැවුමසමාවන්න මට මගේ දරුවනේ
ආයෙත් නම් මේ වරද නොවේ
ජීවිතයේ මතු කවදාවත්

දෙපා රිදෙන තුරු
මහ වන මැද්දෙන්
පාසැල් යයි නුඹලා
ගිණි මද්දහනේ
වියැලුණු දෙතොලින්
පසුපස එයි නුඹලගෙ අම්මා

සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....

උන්හිටි තැන් නැති
අහරක් කුස නැති
දොඩමළු වෙති නුඹලා
ඉරුණු ඇඳුම් පොඩි
පොට්ටනි අත ගෙන
මහමඟ වෙති කියලා

සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-14372465849876963972008-12-06T19:53:00.001-08:002008-12-06T19:56:25.093-08:00පළමු පෙමඔබ නොදැක ඉන්නනම්
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්

සියපත් පියුම් නොපිපුනත්
ගඟ දිය නගන රැලි හැඩයි
නුඹ ළඟ ඉන්න බැරි වුනත්
කුළුදුල් සිත නුඹේ ළඟයි

නොඉදුල් ඉදුණු ඵල නැතත්
තුරු වැල් සුවඳ මල් දරයි
මා හැර යන්න නුඹ ගියත්
ඔබ හැර යන්න සිත නොදෙයිUnknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-7409043230802103139.post-73804161867259103552008-12-06T19:47:00.000-08:002008-12-06T19:49:05.292-08:00අහිමි සම්පතනීල ඉදුවර නුවන් නිදි දෙව්ලී
ඉදුනු තොල්පෙති උවන රස මවනී
වැතිර සියොලඟ සිඹිමි මන කමනී
හීන නොයදිද දූ කුමරියක කුමරී

රාත්‍රිය නම් නිහඩමැ'යි සැමකල්
තාරකා ඇස් සදට වැඩි මනරම්
ගෙවා ගවු දුර පැමිණි මඟ සටහන්
සසැලි සයුරේ වෙරළෙ ඇඳි සිතුවම්

ආදරේ නම් මධුරමැ'යි මනකල්
ඇවිද යමු මල් කිණිති පොඩි සිඹිමින්
වඩා දෝතට ළැමට ගෙන රහසින්
එමල් සතපමු හඩන මදනල මෙන්Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-29205045837401538172008-12-06T19:45:00.000-08:002008-12-06T19:47:55.512-08:00දුක සිතෙන කවියක්යජීවිතය කවියක්ය
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට

විල පිපුණු පියුමක්ය - සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව

විදිනු මිස සියොලඟම - සුළඟ රුදුනේ කොතැන
අහස හිස් වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්ය සැපද දුක ලුහුබදිනUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-68711444024154235202008-12-06T19:44:00.000-08:002008-12-06T19:45:43.213-08:00සමුදෙන්න මටසමුදෙන්න සමුගන්න
මගේ සිත මට ගන්න
දෙතොල් පිරි කදුලකට
එපා යළි ඉඩදෙන්න

පුරා පුන් සඳ මඬල - සරාගික කවියක්ය
සිතාගන්නට දෙන්න - ඒ කවිය නුඹ වැන්න

විරාගික සිත් අහස - පිපුණු තරුවක විලස
සිනාසෙන්නට නිබඳ - හමුවෙමු ද අපි කෙලෙස Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-12585851270875463102008-12-06T19:42:00.000-08:002008-12-06T19:44:17.063-08:00අම්මාසිතක කවි වැල්
එතී සත්සර රාවයේ
ගලා ආ සුමියුරු හඬයි
අම්මා....

ළහිරු කිරණේ පිපුණු කුසුමෙක
විලස ළය මත හොවා මා
රුහිරු දියකර පෙවූ කිරි පොද
මගේ නුවණැස එළි කළා....Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-11939224244881746102008-06-11T20:38:00.000-07:002008-12-10T19:03:18.751-08:00කුමකටද නෙතු මටදකින්නට මට කුමකටද නෙතු
නොමැති කල නුඹ මා ළඟින්
රකින්නට හැක නුඹව හැම කල
රැඳෙයි නම් නුඹ මා ළඟින්

ළඟින් නැති කල නුඹත් සුවඳත්
කුමකටද සියවසක් හිඳලා
ඔය ළයේ මුව හොවා ගෙවනට
සිතේ ඇත පෙරුමන් පිරිලා

අපට වෙන්වුණු අපේ ලොවකට
යන්න වැටකොටු බිඳහෙලා
එන්න ළඟටම ඉන්නේ ඇයි දුර
නුඹට ඇත හද කුටිය ඇරලා

Unknownnoreply@blogger.com1tag:blogger.com,1999:blog-7409043230802103139.post-63954042958966378432008-04-19T00:20:00.000-07:002008-12-06T19:52:38.280-08:00විළිකුම් ප්රේමයපුර අටවකට බෝමළුවේ මලසුනට
සුදු පිරුවතින් ආවා මතකයි තාම
පසලොස්වකට හමුවෙයි අපි හැමදාක
සියොලඟ එතී දැනුනේ සිල් සුවඳ මට

හිරිමල් කැකුළු පිපුනත් හිරු උදාවට
අලුයම සුළඟ පවසයි මත් බමරුන්ට
දුප්පත් කමට මහමෙර සෙලවෙන දොහට
සුහුඹුල් සුවඳ විකිනෙයි සත් මහළ යට

අව අටවකට ආවත් නුඹ නොදොඩාම
බෝපත් - ළපළු - ඉපනැළි නොදුටුවා නොව
වියපත් නොවේ බඹරුන් මල් කෙමි නෙලන
ගං දොර වරෙන් තාමත් මං නුඹ ගාවUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-7409043230802103139.post-35849298322688968462008-04-19T00:11:00.000-07:002008-12-10T19:08:56.079-08:00පිය සටහන්

පිණි වැටෙන අළුයමට
අවදිවෙයි නිබදවම
සිතාගනු බෑ සිතට
යටගියාවේ මතක.......

නෙත් අසල ඇල් ගොයම - බොඳවෙලා මීදුමට....
දෙ වැට මඟ මං තාම - තනිවෙලා පෙර සේම

හිරි පිපෙන සියොළඟට - ලංවෙලා උන් එදවස
සෙයිලමට වූ නුඹට - බාදුරාවකි විසුළ
Unknownnoreply@blogger.com0