Saturday, December 6, 2008

අහිමි සම්පත

නීල ඉදුවර නුවන් නිදි දෙව්ලී
ඉදුනු තොල්පෙති උවන රස මවනී
වැතිර සියොලඟ සිඹිමි මන කමනී
හීන නොයදිද දූ කුමරියක කුමරී

රාත්‍රිය නම් නිහඩමැ'යි සැමකල්
තාරකා ඇස්‌ සදට වැඩි මනරම්
ගෙවා ගවු දුර පැමිණි මඟ සටහන්
සසැලි සයුරේ වෙරළෙ ඇඳි සිතුවම්

ආදරේ නම් මධුරමැ'යි මනකල්
ඇවිද යමු මල් කිණිති පොඩි සිඹිමින්
වඩා දෝතට ළැමට ගෙන රහසින්
එමල් සතපමු හඩන මදනල මෙන්

No comments: