Saturday, December 6, 2008

දුක සිතෙන කවියක්‌ය

ජීවිතය කවියක්‌ය
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට

විල පිපුණු පියුමක්‌ය - සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව

විදිනු මිස සියොලඟම - සුළඟ රුදුනේ කොතැන
අහස හිස්‌ වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්‌ය සැපද දුක ලුහුබදින

සමුදෙන්න මට

සමුදෙන්න සමුගන්න
මගේ සිත මට ගන්න
දෙතොල් පිරි කදුලකට
එපා යළි ඉඩදෙන්න

පුරා පුන් සඳ මඬල - සරාගික කවියක්‌ය
සිතාගන්නට දෙන්න - ඒ කවිය නුඹ වැන්න

විරාගික සිත් අහස - පිපුණු තරුවක විලස
සිනාසෙන්නට නිබඳ - හමුවෙමු ද අපි කෙලෙස

අම්මා

සිතක කවි වැල්
එතී සත්සර රාවයේ
ගලා ආ සුමියුරු හඬයි
අම්මා....


ළහිරු කිරණේ පිපුණු කුසුමෙක
විලස ළය මත හොවා මා
රුහිරු දියකර පෙවූ කිරි පොද
මගේ නුවණැස එළි කළා....

Wednesday, June 11, 2008

කුමකටද නෙතු මට

දකින්නට මට කුමකටද නෙතු
නොමැති කල නුඹ මා ළඟින්
රකින්නට හැක නුඹව හැම කල
රැඳෙයි නම් නුඹ මා ළඟින්

ළඟින් නැති කල නුඹත් සුවඳත්
කුමකටද සියවසක්‌ හිඳලා
ඔය ළයේ මුව හොවා ගෙවනට
සිතේ ඇත පෙරුමන් පිරිලා

අපට වෙන්වුණු අපේ ලොවකට
යන්න වැටකොටු බිඳහෙලා
එන්න ළඟටම ඉන්නේ ඇයි දුර
නුඹට ඇත හද කුටිය ඇරලා

Saturday, April 19, 2008

විළිකුම් ප්‍රේමය

පුර අටවකට බෝමළුවේ මලසුනට
සුදු පිරුවතින් ආවා මතකයි තාම
පසලොස්‌වකට හමුවෙයි අපි හැමදාක
සියොලඟ එතී දැනුනේ සිල් සුවඳ මට

හිරිමල් කැකුළු පිපුනත් හිරු උදාවට
අලුයම සුළඟ පවසයි මත් බමරුන්ට
දුප්පත් කමට මහමෙර සෙලවෙන දොහට
සුහුඹුල් සුවඳ විකිනෙයි සත් මහළ යට

අව අටවකට ආවත් නුඹ නොදොඩාම
බෝපත් - ළපළු - ඉපනැළි නොදුටුවා නොව
වියපත් නොවේ බඹරුන් මල් කෙමි නෙලන
ගං දොර වරෙන් තාමත් මං නුඹ ගාව

පිය සටහන්


පිණි වැටෙන අළුයමට
අවදිවෙයි නිබදවම
සිතාගනු බෑ සිතට
යටගියාවේ මතක.......

නෙත් අසල ඇල් ගොයම - බොඳවෙලා මීදුමට....
දෙ වැට මඟ මං තාම - තනිවෙලා පෙර සේම

හිරි පිපෙන සියොළඟට - ලංවෙලා උන් එදවස
සෙයිලමට වූ නුඹට - බාදුරාවකි විසුළ