Saturday, April 19, 2008

විළිකුම් ප්‍රේමය

පුර අටවකට බෝමළුවේ මලසුනට
සුදු පිරුවතින් ආවා මතකයි තාම
පසලොස්‌වකට හමුවෙයි අපි හැමදාක
සියොලඟ එතී දැනුනේ සිල් සුවඳ මට

හිරිමල් කැකුළු පිපුනත් හිරු උදාවට
අලුයම සුළඟ පවසයි මත් බමරුන්ට
දුප්පත් කමට මහමෙර සෙලවෙන දොහට
සුහුඹුල් සුවඳ විකිනෙයි සත් මහළ යට

අව අටවකට ආවත් නුඹ නොදොඩාම
බෝපත් - ළපළු - ඉපනැළි නොදුටුවා නොව
වියපත් නොවේ බඹරුන් මල් කෙමි නෙලන
ගං දොර වරෙන් තාමත් මං නුඹ ගාව

No comments: