දකින්නට මට කුමකටද නෙතු
නොමැති කල නුඹ මා ළඟින්
රකින්නට හැක නුඹව හැම කල
රැඳෙයි නම් නුඹ මා ළඟින්
ළඟින් නැති කල නුඹත් සුවඳත්
කුමකටද සියවසක් හිඳලා
ඔය ළයේ මුව හොවා ගෙවනට
සිතේ ඇත පෙරුමන් පිරිලා
අපට වෙන්වුණු අපේ ලොවකට
යන්න වැටකොටු බිඳහෙලා
එන්න ළඟටම ඉන්නේ ඇයි දුර
නුඹට ඇත හද කුටිය ඇරලා
Wednesday, June 11, 2008
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Well done my dear.. keep going on.
Post a Comment